පාන්පිටි වඩේ
මේක නම් ගොඩක් අය දන්න රෙසිපි එකක්....
ඒත් නොදන්න කෙනෙක්ට බලන්න දාන්නම්අවශ්ය ද්‍රව්‍ය
❤යීස්ට් තේ හැදි එකහමාරක්
❤පාන් පිටි කෝප්ප දෙකහමාරක්
❤මද උණුසුම් වතුර
❤ලුනු ස්වල්පයක්
❤කරපිංචා කොල ටිකක්
❤අමු මිරිස් කරලක්
❤සූදුරු
❤ලුනු ස්වල්පයක්
❤ලූනු පොඩි ගෙඩියක්
තව හොද රස ලුණු මිරිසකුත් ඕන😉
සාදන ආකාරය
මුලින්ම පිටි ටිකක් අරගෙන ඒක මද උණුසුම් වතුර ටිකක් හොදින් දිය කරගන්න.
දැන් ඒකට යීස්ට් ටික එකතු කරලා හොදින් කලවම් කරල තව වතුර ටිකක් දාන්න
ඒක විනාඩි 10ක් විතර පිපෙන්න තියන්න ඕන.
ඒක පිපුනට පස්සෙ පාන්පිටි වලට එකතු කරල තව වතුර ටිකක් සහ තෙල් තේ හැදි කාලක් විතර එකතු කරගන්න.
මේ අවස්තාවෙදි ලුනුත් එකතු කරගන්න.
දැන් හොදින් කලවම් කරන්න.
ඒ අතර හීනියට කපාගත් ලූනු, අමුමිරිස්, සූදුරු, එකතු කරගන්න.
දැන් ආයෙත් හොදින් කලවම් කරන්න,
ඊට පස්සෙ පාන්පිටි ගුලිය හොද පල්ප් එකක් වෙනකන් අතින් ක්නීඩ් කරගන්න.
දැන් පිලි මෝලිය විනාඩි 45ක් හෝ පැයක් පිපෙන්න තියන්න.
ඊට පස්සෙ අපිට පුලුවන් පිටි මෝලියෙන් ටික ටික කඩාගන රවුම් කරල මැද්දෙන් හිලක් හදාගෙන ගැඹුරු තෙලේ බැදගන්න.
රස බලද්දි ඔයාට පුලුවන් වඩේ එක හරි මැදින් පලලා මැද්දට ලුනු මිරිස් දාල ගන්න...
හරිම රසයි..........
ඔයාලත් හදල බලන්න.....😍

Comments
Post a Comment