අවශ්ය ද්‍රව්‍ය
පාන් පිටි කෝප්ප 2ක්
කුඩු කරගත් සීනි කෝප්ප 1ක්
පොල් තෙල් හෝ එලවලු තෙල් කෝප්ප 1ක්
ජෑම් අවශ්ය ප්රමාණයට
........................................................
සාදන ආකාරය
........................................................
පාන්පිටි , කුඩු කරගත් සීනි, පොලතෙල් හෝ එලවලු තෙල් එකට දමා හොදින් මිශ්ර කරගන්න.
පහසුවෙන් කැඩෙන පල්පයක් වන තෙක් හොඳින් අනා ගන්න.
පසුව කුඩා බෝල වලට කඩා ගන්න.
දැන් එම බෝල එකින් එක ගෙන තරමක් පැතලි කරගන්න.
පුන්චි හැන්දක යටි පැත්තෙන් පුන්චියට වලක් හදාගෙන එය තුලට ජෑම් ස්වල්පයක් එක් කරගන්න.
එය හුමාලයෙන් පැයක් පමණ හොඳින් තම්බා ගන්න.
ඔයාල මේකෙ බෝල ටික තුනී කරගන්නකොට කෙලින්ම තම්බන්න ගන්න තැටියෙම තියල තුනී කරගන්න.
ඔයාලට පොල්තෙල් වෙනුවට මේකට බටර් ගන්න පුලුවන්
එතකොට
තවත් රසවත් වෙයි

Comments
Post a Comment